සිංහල විග්රහයට අනුව කේන්දරය යන්නෙහි "කේ" යනු ක්ෂය වන පහත් දේ යන අර්ථය ගෙන දේ. කේවල් කරනවා යන වචනයක් අදටත් එය ව්‍යවහාරයේ පවතී. "අන්" යනු ආහාර යන්නයි. අන්න ශ්‍රෝතය, අන්ත්‍ර යන ආහාර මාර්ගයේ ඇති කොටස් ගැන සලකා බලන විට මෙය තේරුම් ගත හැකිය. දර යනු, දරා ගන්නවා යන්නයි. "ක්ෂය වන ආහාර දරා ගෙන යන ගමන" සටහන් වන පත්‍රය කේන්ද්‍රය ලෙස හඳුන්වයි. බුදු දහමේ ක්ෂය වන පහත් ආහාර ලෙස හඳුන්වන්නේ ලෝභ, දෝෂ, මෝහ නැමති සත්වයාගේ සංසාර ගමන පෝෂණය කරන අකුසල ධර්ම වේ. "සබ්බේ සත්තා ආහාරටිඨිතිකා" යනුවෙන් බුදු දහමේ සඳහන් වන්නේද මෙයමය. ආහාරය සතර අකාර වන අතර ඒවා කබලිංකාර ආහාර, ඵස්ස ආහාර, විඥ්ඥාන ආහාර, මනෝ සංචේතනා ආහාර ලෙස ධර්මයේ දැක්වේ. අපි නිතර කතා කරන්නේ කය බලියක් ලෙසට සකස් කරන්නට හේතුවන කබලිංකාර ආහාර ගැන පමණි. මෙහිදී ඉතිරි ආහාර වර්ග තුනෙන් අපට සිදු කල විනාශයේ මිදීම බුදු දහමට අනුව නිවන වේ.
කේන්දරය පුච්චා නිවන් දකින්න යැයි ජන වහරේ කියමනක් තිබේ. කේන්දර සටහන ඇති කොළය පුච්චා නිවන් දැකිය නෙැහැකි බව සත්‍යයකි. නමුත් ඉහතින් සඳහන් කල කේ - අන් - දර නැමති පද තුන තුල ඇති සත්වයා දරාගෙන යන ලෝභ, දෝෂ සහ මෝහ නැමති අකුසලයන් දිනක දවා හරින රහතන් වහන්සේට කේන්දරයක් නොමැත. ඒ අනුව නියමාකාර ලෙස කේන්දරය පුච්චන්නේ රහතන් වහන්සේලා පමණි. නියමාකාරව කේන්දරය පුච්චන ආකාරය අවබොධ කරන ලද්දේ බුදුන් වහන්සේය.
හඳහන යන්නේ ඇත්තේද මෙවැනිම වූ අර්ථයකි. හන යන්නෙන් විනාශය යන තේරුම ගෙන දේ. හඳ යනු හා - අඳ යන පද දෙකක එකතුවයි. එම පද දෙකෙන් පිලිබිඹු වන්නේ අඳ බැවින් හාවූ යන්නයි. අඳ බවින් හාවීම නිසා ඇතිවන විනාශය හඳහන යන්නෙන් කියවේ. අඳ බවින් හා නොවී යන්නට ඇති ගමන නිවන් මග ගමන් කිරීමයි. ඒත් මේ වන තෙක් ඔබ ඒ මග ගමන් නොකල නිසා අදටත් ඔබ සංසාරයේ ගමන් කරයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අවසන් මට්ටමට පැමිණි රහත් වහන්සේට හඳහනක් නැත. අඳ බව යනු ප්‍රඥාවෙන් තොර වීමයි. නුවණැස අඳ වීම නිසා ලෝභ දෝෂ මෝහ යන අකුසලයන් නොපෙනේ. මේ නිසා ඔවුන් හන නොහොත් විනාශය කරා ලගා වේ. මෙම විනාශය කල්තියා දැනගත හැකි පත්‍රය හදහන ලෙස හැඳින්වේ.
මෙම කේන්ද්‍ර සටහන ජන්ම පත්‍රය කියාද හඳුන්වයි. ජන්මාන්තර වෛරක්කාර, ජන්ම ගති, ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි, යන වැකි වල ජන්ම යන වචනය යොදා ඇත්තේ පෙර සසරෙන් ගෙනා යන තේරුම ඇතිවය. එසේ නම් ජන්ම පත්‍රයේ සඳහන් වන්නේ පෙර සසරෙන් අප ගෙනා කර්ම යන්ය. මේවා අතර පින් පවු යන දෙවර්ගයේම කර්ම ඇත. පින පල දෙන විට සැපද පව් පල දෙන විට දුකද දැනේ. පින පලදෙන කල දසාව ලැබූ විට හොඳ කල පැමිණි බවත් පවු පල දෙන කල දසාව ලැබූ විට නරක කාලය ලැබූ බවත් මිනිසුන් සිතයි. දසාව යනු දස ආව යන්නයි. දස යනු දස කුසලය සහ දස අකුසලයයි. දස ආව යනු එම දස කුසලය සහ දස අකුසල හේතුවෙන් මෙම ආත්ම භාවයේදී අපහට ගෙවීමට සිදුවන කර්ම ඵලයන් ආව ආකාරයයි. අප කැමති වුවත් අකමැති වුවත් මේ දෙකම බාරගත යුතු අතර ඉන් මිදීම පිණිස ප්‍රතිකර්ම සහ ඒ සඳහා පිලියම්ද තිබීම නිසා ජ්‍යොතිෂය ඇසුරු කරන ඔබ සැබැවින්ම වාසනාවන්තය.
The horoscope as the astrological chart of a person or a moment in time., which is calculated from the planetary positions in either the sidereal or tropical Zodiac. This 360º degree zodiac is divided into 12 equal parts of 30 degrees., each one is referred as a Rashi or a sign in astrology. The calculations used are based on the date of birth, place of birth and also time of birth. That's why a horoscope is so personal., like a fingerprint. In Vedic Horoscope., you would know that all the 12 horoscope signs that exist., are actually constellations of the stars. As per astrology., each and every individual on this earth is born under a zodiac constellation and possesses the traits of that particular zodiac sign. Though each person on this planet is different from another, they do share certain common characteristics based on the elements they are born under. To prepare a Vedic horoscope, one needs exact date, time and place of birth of the native. Horoscopes forecast your future using information based on the positions of the Sun, Moon, and other main planets at the time of your birth. Between daily., weekly., and monthly., horoscopes., you can learn how these variables are affecting your life and personality. If you want to know your horoscope, the first step is figuring out your Astrological sign.